Thursday, September 1, 2016

රාත්‍රිය මනරම්ද නුඹටත්




නිදා නොනිදා ගෙවනවා
කරුමයක් ද මන්දා
නෑ ඒ බඩුවක්
පව් දෙයියනේ
ආයේ ජීවිතයක් නෑ
ඒකිගේ අම්මත් ඔහොමයි
කාලකන්නි බැල්ලියක්
පේන්නැද්ද මූනේ ලේ කදුලක් නෑ
ගල් මූසලී 
අපේ දරුවොත් ඉවරයි
කථා කරන්නවත් ඒපා ඕකිට......
මාත් ගැහැනියක් කිසිවෙකුට කරදර නොවන
ආසයි පාඩුවේ ජීවිතයක් ගෙවන්න
අප්පත් මලා රෝගියකු වී ජන්මයෙන්ම
පිහිටක් වන්න ලෙඩ දරුවව නැගිටුවන්න

No comments:

Post a Comment