Sunday, July 31, 2016

අහිමි පෙම් සටහන්




අහිමි පෙම් සටහන්
කදුළු බිදු නැගෙමින්               
බොඳ කරයි කවි
පිටු අතර  ‍‍රැදි
සරදමින් අද ඔබ නමින්

වියෝවම තද කරන්
සිත ඉකි බිඳින හඬ
ඇසේවි නම්
යළි සරසවියේ පෙම් බස් දොඩන්නට
මං මග බලා ඉන්නම්

පුන් සඳක් ඇවිදිල්ලා කළියෙන්
තරු කැටත් ඇවිදිල්ලා කළියෙන්
කියනවා මට නපුරු සිහිනය බොඳ කරන්නට
අහිමි පෙම් සටහන් අහුලගෙන
කඳුළු බිඳු ගෙන මමත් එන්නම්
ඔබේ මළ ගම ඉසින්නට
වියෝවම තද කරන්

No comments:

Post a Comment