Thursday, September 1, 2016

රාත්‍රිය මනරම්ද නුඹටත්




නිදා නොනිදා ගෙවනවා
කරුමයක් ද මන්දා
නෑ ඒ බඩුවක්
පව් දෙයියනේ
ආයේ ජීවිතයක් නෑ
ඒකිගේ අම්මත් ඔහොමයි
කාලකන්නි බැල්ලියක්
පේන්නැද්ද මූනේ ලේ කදුලක් නෑ
ගල් මූසලී 
අපේ දරුවොත් ඉවරයි
කථා කරන්නවත් ඒපා ඕකිට......
මාත් ගැහැනියක් කිසිවෙකුට කරදර නොවන
ආසයි පාඩුවේ ජීවිතයක් ගෙවන්න
අප්පත් මලා රෝගියකු වී ජන්මයෙන්ම
පිහිටක් වන්න ලෙඩ දරුවව නැගිටුවන්න

Sunday, August 21, 2016

සම්මානය




ඔබ නොවේ නම් මම
මම නොවේ නම් ඔබ
දිනනවා සත්තකින්ම
සම්මානය

කියා දුන්නා මට 
මනුස්සකම ලොකු බව...

Wednesday, August 3, 2016

රජ සැප ස‍ඳහා ඇරයුමක් ලැබේ




සැලෙන චාමර සීලින් ෆෑන් එකටත් සමයි
විඳින රජ බොජුන් ගල් අරක්කු පරාදයි
ඊටත්හපන් අන්තප්පුරේ රාණි මුඛර්ජිලා කැළේ
ඒ වගේ ද හයිබ්‍රිඩ් ලැම්බෝගිනි පරාදයි එහේ දඞූමොණරේ
ඔක්කොම හොඳයි
ඒත් කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑනේ

Sunday, July 31, 2016

අහිමි පෙම් සටහන්




අහිමි පෙම් සටහන්
කදුළු බිදු නැගෙමින්               
බො කරයි කවි
පිටු අතර  ‍‍රැදි
සරදමින් අද ඔබ නමින්

වියෝවම තද කරන්
සිත ඉකි බිඳින හ
ඇසේවි නම්
යළි සරසවියේ පෙම් බස් දොඩන්නට
මං මග බලා ඉන්නම්

පුන් සක් ඇවිදිල්ලා කළියෙන්
තරු කැටත් ඇවිදිල්ලා කළියෙන්
කියනවා මට නපුරු සිහිනය බො කරන්නට
අහිමි පෙම් සටහන් අහුලගෙන
ඳුළු බිඳු ගෙන මමත් න්නම්
ඔබේ මළ ගම ඉසින්නට
වියෝවම තද කරන්

Saturday, July 30, 2016

මගේ පොඩි පුතුත් වේ නම් මේ වගේ සදා




ඉඟිලෙන්න බෑ අත්තටු ගිලිහිලා
කඳුලක් වැටෙන්නේ නෑ ඇස් දෙක වියළිලා
දිනෙන් දින බලා ඉන්නවා මමත්
මගේ පොඩි පුතුත් වේ නම්
මේ වගේ සදා